Sunday, 18 April 2010

බිරිඳ නම් වූ ඈය........

බිරිඳ නම් වූ  ඈය........


මහා දිගු ගමනක් වු
සංසාර කතරේ
විඩා සිදුවා නිවා සරතැස
මහා මන්ද්‍රි දේවි විලසින්
දැරූ දුක් කඳ මාත් සමගින්...........   


නොපෙලා සිත් සතන්
නොපවසා නොසරුප් වදන්
ඉවසා සම සිතින්
සැපක් නැතිවත්, දුකම නිතැතින්
මතුවටත් සසරේ
උපදිනා හැම ආත්මයකම
පතා ගෙන නැවතත් මං.......


සිහින් සෙවනැල්ලක් මෙන්
නිරතුරුව මා ලඟම ‍රැදෙමින්
කඩා හැලෙන ආත්මයටම
ප්‍රාන වායුව පිඹිමින්
වසන්තය සේ ‍රැදෙමින්...........
පහන් තරුවක් විලසින්


ගීතයක් සේ පාව එන්නී
ඈත සිට මග කියා දෙන්නී
දෑත පා එන මග බලන්නී
සීත ලට උනුසුම දෙවන්නී

සි එස් බණ්ඩාරනායක

1999.11.19

4 comments:

තිස්ස දොඩන්ගොඩ said...

ඔබව හඳුනා ගත්තේ "සොඳුරු සිතේ" ඔබ දා තිබූ මනරම් කව දැක... මේ කව මගේ සිත් ගත්තා ඉතාමත්... මීට සමාන කවක් මමත් ලියා තිබුනා... ඔබේ කව් ඉතා ලස්සනයි...

wath said...

@ තිස්ස
ඔවු අයියා.. මෙතුමා හරි ලස්සනට ලියනව. මෙච්චර කල් මේ blog වියමන ඈස ගැටුනෙ නැති එකයි පුදුමෙ...
බිරිඳට ආදරේ කරන අයිය වගේ අයගෙ හිත්වල ලියවෙන වචන තමයි මේ...

@ විහඟ ගීතය
තව තවත් ලියන්න ශක්තිය ලැබේවා..

විහඟ ගීතය said...

කවක් වෙලා මගේ කවි සිත ලඟ ‍රැදෙන
නුඹත් නුඹෙ බසත් මට කවියකි නිතින
තිස්සත්,වත්සලාවත් මට තනි රකින
දැක්මත් මෙසේ හෝ පෙර පිනකිනි ලැබුන

සාගර said...

අයියා ලියන කවි ලස්සනයි. ඩිඳින ජීවිතයක (ගොඩක් අය ජීවිතය විඳවනවා) තිබෙන චමත්කාරය මේ කවි වල තියනවා. දිගටම ලියන්න ශක්තිය ලැබේවා.