Wednesday, 19 May 2010


         පමා නොවී යමු අකුරට


දමා යා නොහැක අත්වැල බැඳුනු මිතූ
නිමා වක් දකිමු සුභ සිහිනයක පැතූ
අමා වක අඳුර බිඳ සිප් සතර ගෙතූ
පමා නොවී යමු අකුරට මෙයින් මතූ


අත්ත නොබිඳිමින් නාමල නෙලාගෙන
ඇත්ත දැන දැනත් රජවරු හදා දෙන
මුත්තා ගේ කාලේ සිට ‍රැව‍ටුනා මෙන
සත්ත  කින් අපේ මඟ කවුරුදෝ ගෙන


අල්ලට සිඟා නොව ටී වී එකෙන් බලන්
මල්ලට සමෘඳිය පුරවා ගෙදර යමන්
නිල්ලට පූදිනා ගොයමට වතුර බැදන්
දෙන්නට සමත්තෝ  ඇත්නම් පෙරට වරෙන්


කැළේ කොලේ පිපුනත් මල් සුවඳ මෙන
පැළේ පිලේ අපිටත් මඟ උරුම වෙන
කලේ හැම සතර අත්වැල බදින මෙන
වලේ නොවැටෙනා පාඩම කියනු මැන!

14 comments:

indi said...

ලස්සන පින්තූරය සහ කවිය....

මැණික්(සුළඟ) said...

ලස්සන අර්ථවත් කවි පෙලක්.
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

@ indi

හෙටක් පතාගෙන ඇස් පාදවා දෙන
දුකක් නැතිව අකුරට යන මඟක් ගෙන
නිමක් නොවන ඒ දඩු මං පෙතේ යන
ලොවක් දැක, ඔබෙත් කදුලක් එකතු වෙන

isimbuwa said...

හරිම ලස්සන කවි පංතියක්. ඒ වගේම පිංතූරෙත් ලස්සනයි.

``` Outsider``` said...

අපූරුයි යාඵ...

විහඟ ගීතය said...

@ මැණික් (සුළඟ)

නෙත් මායිමෙන් පිටතට බැල්මක් හෙලන
ඇත්තෙක් වෙතොත්,දැකියැකි ලොව දුක් විඳින
මුත් නුඹ මෙන්ම මම ඒ නපුරින් මිඳුන
සිත් සසළවයි,නෙතඟින් කදුළක් ‍රැ‍ඟෙන

විහඟ ගීතය said...

@ isimbuwa

නොමැතිව ඉසිඹුවක් එක හැල්මේ දුවන
නොපෙනෙන හෙටක් ගැන ඉත සිතකින් පතන
සුපිපෙන මල් කැකුළු හෙට ලොව ජය ලබන
අතුරක පහස ගෙන අකුරක නෙත් ලබන

විහඟ ගීතය said...

@ Outsider

පිපි මල් කැකුළු රොද බැඳ අකුරකට පෙමින්
නොපිරුන අනාගතයක සුභ සිහින ඇරන්
විපරම කවුරුදො,පෙරමඟ බිඳපු හොරෙන්
අපි හැම පිටස්තරයින් වෙමු ,ලොවට එවන්

තිස්ස දොඩන්ගොඩ said...

ෂහ් මෙක නම් උපරිමයි... කවියයි පින්තූරයයි දෙකම... ජයවේවා ඔබතුමාට....

විහඟ ගීතය said...

@ තිස්ස

කවදත් ඉතින් කවි රස විඳිමින් යනෙන
හිතවත් තිස්ස මහතානෙනි ශුභ පතන
ගිනිගත් ලොවකි තවමත් දෙකොනම දැවෙන
මදිහත් සිතින් කදුලකි නෙත තුල බිඳුන

දුකා said...

හරිම ලස්සනට ලියලා තියෙනවා . . අපූරුයි

මම said...

කවදත් වගේ මේ කවියත් හරි ඉහලයි
පින්තූරය දුටු විටනම් හද කකියයි...
විහග තුඩින් ලියනා කවි රස උතුරයි
තව දුරටත් ලියනා මෙන් හිත ඉල්ලයි..

විහඟ ගීතය said...

@ දුකා

ඇල් මෙන් අකුරකට මඟ ගෙවමින් මිතුරේ
කල් යල් බලන්නෙද තව කොටසක් අතුරේ
මල් මෙන් රටෙහි උරුමය. කෙලෙසක අඳුරේ
ගිල් වන්නට නොහැක හිරු පායයි නුදුරේ

විහඟ ගීතය said...

@ මම

හිතේ බර බොහෝය පාසැල නුදුරේය
ගතේ වීරියම හිතයට තෙරපේය
නැතේ හෙටක්, හෙට අපිටත් අද සේය
පොතේ දැනුම, තව පැනි කෑමක් සේය