Sunday 8 August 2010

අලුත් ජන කවි..




කොරවක්කන්ට මඟ කියනා මහ බස්සා
වරුවක් නැගිට හිඳ උපවාසෙට බැස්සා
බොරුවක් නොවේ වලිඟය අංදෙක උස්සා
කිරිබත්ගොඩට බැස්සා මහ ගොන් වස්සා


රජ වාසලේ කන්නට නැති කල සීනී
අන්දරේලා කර උඩ නැතිවම ගෝනී
දියවන්නාව හොරුනට විය පරවේනී
උලලේනිත් පලච්චිය පින මදිහෙයිනී


ගිලීමලෙත් දත සුද්දන් ඇති සේමා
පොලී කොමිස් වල වගතුඟ නම් බෝමා
කෙළී සියොළඟම අපුලක් වෙද කෝමා
පොළීසියත් වලිගය නැති ගොනු සේමා


සිත් පිත් නැති රෝම නීතිය පි‍ටු දකින
ගස් ගල් හොයා හොයා බැඳ දඩුවම් දෙවන
පස් පව් කියන්නේ මොනවාදැයි නොදැන
සක්විත්තොත් මඟට බැස හිඟමන් යදින


කොටින් කැලේ නොව  වාසල වෙත ගෙනෙනු
හටන් කරපු අය උළුගෙදරට යවනු
දනන් දන ගසා හැඬුවත් නොමබලනූ
කතන්දරේකට මදි, තව නැහ කරුණු


වසුන්  බදින වර පට අත ‍රැදීයන්
විසල් දොර‍ටු හොරු පිරිසට වැසීයන්
විකල් නොවී සිහි එලවා දිනේවන්
කොසොළ් සිහින මහරජුටත් පෙනීයන්

12 comments:

Shadow/හේමලයා said...

මේක නම් මරේ මරු....ජයවේවා.....

Anonymous said...

අනේ අපොයි රට කට ගිය පුදුම කළ
තවත් වර්ජනයක් අත ලගම ඇත
එසේ මෙසේ නොව උගතින් රැසක් ඇත
විශ්ව විද්‍යාලයේ ගුරුවරු කරයි එය

දිනේ කියන්නේ 16 කියාලයි
උගන ගන්න සිසුනට මෙය අදාලයි
වුනේ වරැද්දයි සදනුය සැබෑමයි
අනේ රජුනි පුලුවන් නම් අගේමයි

රජුටයි පෙල පතටයි වෙන් වුන සල්ලි
මහජනයාගේ කර මත වූ බදු සල්ලි
උගතුන් පේලියට වෙයි නැහැ නොව පිල්ලී
අපිම තමයි දුන්නේ ඔටුනට සල්ලි

Anonymous said...

අගේ ඇති කවි පන්තිය. මේ කවි පන්තිය තමයි මේ බ්ලොග් එකේ දැන් තියන හොදම කවි පන්තිය.... නුඹට ජය.

විහඟ ගීතය said...

@Shadow/හේමලයා

උඩින් පෙනුන ගති ජනතා හිතවාදී
හෙමින් හෙමින් වල්වදිනා විට බරදී
ඉහින් කනෛන් මඩ නාගත් කල වැරදී
ඉතින් අපිම නොවේදෝ මෙවරත් පැරදී

විහඟ ගීතය said...

@ වත්

සියල් සිරින් පිරි සිරි ලංකාවේ
විකල් හොරුන්මය ඉහගෙන කෑවේ
එකල් මෙකල් යැයි වෙනසක් නූවේ
විකල්පයත් කල්පිතයක් වූවේ

විහඟ ගීතය said...

@ වත්

ලියූ දෑ කියවා
කියූ දෑ රස විඳවා
විඳූ බව හඟවා
ලියන දිරි දෙන යෙහෙකි සොඳවා

Abeetha Edirisinghe said...

කොහොමත් අපිම වෙයි උන් පත් කර ගත්තේ...
දිනුවට පසුව උන් උඩ යයි හිතු මත්තේ...
කල ගොන්කම ගැන සිතා අපි අද පසු තැවෙතේ...
අපෙන් දිනපු උන් අද ඇත රජ තත්තේ....

කියන කියන බොරුවට කට කැඩීයන්...
ගහන කොමිස් මුදලට ගිනි වැදීයන්....
කරන හොරකමුත් ආපිට වැදීයන්....
රට වනසන තොපිලට හෙන වැදීයන්....

පරම්පරාවේ ඉදිරිය හදාගෙන...
විපක්ෂයත් ඒ දැක උඩ බලාගෙන...
ජෙප්පොත් සිටිති පාඩුවෙ කට අයාගෙන...
මුන් ඔක්කොම එකයි අපි බිම බලාගෙන.......

සොරකම එපාවූ රජිදෝ බිහිවේවා...
හොර මැර වලින් තොර ඇමතින් වැජබේවා...
චන්දෙ දෙන උන්ගෙ මොලයත් පෑදේවා...
සිරිලක් පුරය සව්සිරියෙන් ඉතිරේවා.......

විහඟ ගීතය said...

@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

රජෙකුට හැම දේම තනියම කළනොහැක
තනියට හරි පිරිස ‍තෝරාගනු ඇහක
බලියට තොවිලයට නිසි යකැදුරු නොදැක
හරියට නටන්නැති එකෙකුට නොදෙනු සක

හැමදා උපන්ගේ රෝගෙන් අසාදිත
ජනතා විමුක්තිය ගැන මොන කතා මිත
නොපතා රට විජාතික නඩ පිපාසිත
සමතා කවුද?දිනවන අපේ අනාගත

මැණික්(සුළඟ) said...

කාලේ වසයි වෙන්නේ නොසිතන දේලු
මාලේ කරේ දා ගත්තේ අපි අපිලු
යන්නේ ආපිටට රජ කාලේ වෙතලු
වෙන්නේ අපිට තුන් සරනේ කියන්නලු
මැණික්(සුළඟ)

priyantha said...

මට කියන්න තියෙන්නෙත් වත් කියපු එකමයි. මා මේ දිනවල මීට ඉහලින් ඇති කවි පෙලක් බ්ලොග් එකක කියවා නැති බව හොඳටම විශ්වාසයි.
ජය!

විහඟ ගීතය said...

@ මැණික් (සුළඟ)

රට දැය ‍රැකිය යුතු
මිනිසුනට ගරු කළ යුතු
තිරිසන් ගති අමුතු
එවුන් අල්ලයි ගස් බැදිය යුතු

විහඟ ගීතය said...

@ priyantha.ඒබී
දෙවමින් සිප්සතර පරිඝනකය බැඳුනු
ලියමින් බොහෝ දේ දැනමුතු කම් කියනු
ඇවිදින් කවි බලන්නට මේ දෙස එබෙනූ
මිතුරන් ඉතින් මසුරන් හා සම වටිනු