Monday 9 August 2010

අවනඩුව




නිමිත්ත: ආචාර්ය මර්වින් සිල්වා උප ඇමති තුමා සමෘද්ධි නිලධාරියෙක්ව ගස් බඳියි.
ස්ථානය: කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය
පෙළගැස්ම: පැමිණිල්ලක් ඉදිරිපත්වුවහොත් සළකා බැලිය හැක
සාක්ෂි: ලංකාවේ ප්‍රවෘත්ති පත්තර, ටීවී ප්‍රවෘත්ති  වෙබ් අඩවි විඩියො හා මෙකී නොකී දෑ
යොමුව: 
අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වෙත නමස්කාර පූර්වකව

දෙනෝ දහක් සිය දැසින් දක්කේය
තවත් සහසකට උණුවෙම වික්කේය
දෙනත් අයා දු‍ටු අය කට ‍රැක්කේය
පුවත් දැන දැනත් පුවතක් නැත්තේය



ශක්ති බලගතුව තිරිසන් ගති දරණ
පත්තියම් නොවුන බෙහෙතම ලද බැවින
විත්තිකරුම විනිසුරුගෙත් වැඩ බලන
යුක්ති බලමහිමයෙත් ඔද තෙද බි‍ඳෙන



බලව් සතර අත අණ වින කටිනු බලව්
නැගෙව් එකා මෙන් පිස්සව කුදලා ගනිව්
කියව් මහ රජුට අවනඩු නතර නොවව්
වරෙව් සොයාගෙන..... යුක්තිය පසිඳලියව්


අනේ රජිඳුනේ,  අපගේ දුක අසනු
වනේ වන සතුන් සේ සඟවා නොයනු
විනේ කටින අය දැන හදුනා ගනිනු
ගුණේ ඇති අයට යහ වරදාන දෙනු



මැස්සා මැරූ වඳුරගෙ වඟතුග දන්න
පිස්සාගෙන් කඩුව විඟහට ඇරගන්න
නිස්කාරණ විහිළු සැපයුම නවතන්න
වස්සන් අඹවන්න උම්බෑ නොකියන්න


6 comments:

Shadow/හේමලයා said...

අගනා පැදි පෙළක්......වැඩේ කියන්නේ එකෙක්වත් මේ අමන වැඩේ හෙලාදකින්නේවත් නෑනෙ ඒක උස්සල ගුණකියනවා මිසක......

රජාගෙ කවිය.....
---------------------
කඩොල් ඇතා ගෙට පැනලා...
ලණුව ගලෝගෙන.......
මමයි ගැමුණු කියා අන්න.....
සරම ගලෝගෙන........
ගහේ බඳිනනට විදිහක් නැතයි කියාලා......
මටයි දෝස අම්මප මං මක් කොරන්ඩද?
හත් වලාමෙ වෙච්චිදේට මක් කොරන්ඩද?.....

පීවර් said...

ඔව්ව ඉතින් ගඟටට ඉනි කපනව වගේ වැඩ. කොච්චර ලිව්වත් කොච්චර පෙන්නුවත්, ඇස් නැති කන් ඇහෙන්නෙ නැති මිනිස්සු ඉන්නෙ. වැබැයි මරු කවි පංතිය. තව දෙයක්, වඳුර මැස්ස මරාපු උදාහරණයනම් නියමට ගැලපෙනව.

විහඟ ගීතය said...

@Shadow/හේමලයා

ඇතෙකුට ඔබින වැඩ නැතිමුත් ඌ සතෙකි
සතෙකුව වුනත් හීලෑ කර ගත ඇහැකී
මතකෙට නැඟන්නේ නැවතත් ජනකවෙකි
අම්බලමට පැන්නේ මේවාගේම එකෙකී

විහඟ ගීතය said...

@ පීටර්
මැරුවත් කිවිය යුතුදේ කිවයුතුය කෙලින්
පිළිවෙත් නිසා අවඩැක් නොම වේය ඉතින්
සරුවත් වගේ වැඩ පෙන්නා හතර පයින්
නියරත් වැටත් එක්වී යන ගමන බලන්

priyantha said...

"විත්තිකරුම විනිසුරුගෙත් වැඩ බලන
යුක්ති බලමහිමයෙත් ඔද තෙද බි‍ඳෙන"

එච්චර තමා මට කියන්න තියෙන්නේ

විහඟ ගීතය said...

@ priyantha.ඒබී

පඬිදුන් නොපාගන බිම ගසමින් පිනුම
හිනැහෙන්නේ අපිට මයි පළදී කරුම
නොදැනෙන්නේ කාට කාටත් මුලපිරුම
ගෙන දුන්නේ අපිම නොවැ අම්ඹරු වරම