Tuesday 10 August 2010

බිඳුනු සිතුවිළි



 රිදුනු සිත සාදා
බිඳුනු සිතුවිළි සෝදා
‍රැ‍ඳෙනු  පින සාදා
හිඳිනු අත් බැඳ මඟ නොවරදා


සිතුම් බොඳ වූවයි
හැඟුම් බර වැඩිවේ මැයි
ඇඬුම් දුක බෝමයි
පැතුම් මල් හැමදාම පීදෙයි


ඇන බැන අඬගසා
පැන පැන නපුරු විලසා
ගුණ ණැන නොවිමසා
වින කෙ‍ටුන දින බලනු විමසා


බොළඳ සිත රත්වී
නොමද තැවුලට පත්වී
දිවිද සුනරුත් වී
නොවිදනා දුකකටම පත්වී


පිපුණු හස‍රැල්ලේන්
දකිනු රිසි වූ කැල්මෙන්
වැකුනු දින බැල්මෙන්
හිඳිනු බැරිවී පුරුදු ඇල්මෙන්


සිත් බිඳුම ඇත්තයි
ගත් බෙහෙත හරි තිත්තයි
පත් අගති දෙස් දෙයි
නවත්වපු තැන තවම සිත් ගයි


නොගෙන සිත් උදහස්
ඉගෙන පාඩම් නොවලස්
හැ‍ඟෙන විට දොම්නස්
සැනහෙනා මඟ විඳිමු සොම්නස්


සියල් සිරිගැන්වෙයි
විපුල් මඟ සිහිගැන්වෙයි
රුකුල් දී ලංවෙයි
එකල් නොකියූ කවිය කියවෙයි.




11 comments:

Anonymous said...

දුක දුකට හේතුව
නැතිව ඉන්නට සෝකය
බෙහෙත අත ලගමය
කැපකිරිමට බැරිද ප්‍රේමය

priyantha said...

එකල් නොකියූ කවිය කියනා
නිතර කවියම ලියනා
ඔබ කවුද හඳුනා
ගන්න ඇහැකිද මූණු පොතෙනා

ඔබෙ අඩවියට වදිනා
කවියෙන් හද බඳිනා
මගෙ මතක ලියනා
කොල්ලෙකි මා නුවර ඉන්නා

ඉලංදාරියා said...

මම මේ ටිකට ආසයි......
"
නොගෙන සිත් උදහස්
ඉගෙන පාඩම් නොවලස්
හැ‍ඟෙන විට දොම්නස්
සැනහෙනා මඟ විඳිමු සොම්නස්"

Shadow/හේමලයා said...

වෙනදා වගෙමයි.....අගනා කවි පෙළක්...ස්තුතියි......:)

Eranga Perera (Muthu Paba) said...

පිපුණු හස‍රැල්ලේන්
දකිනු රිසි වූ කැල්මෙන්
වැකුනු දින බැල්මෙන්
හිඳිනු බැරිවී පුරුදු ඇල්මෙන්...

ඇත්තටම ලස්සනයි..

විහඟ ගීතය said...

@වත්

ප්‍රේමයේ ගිනි ගෙන
යාමයේ මඟ නොපෙනෙන
ගීතයේ ඇමිනෙන
තාලයේ මුදු ස්වර නොහැඟන

විහඟ ගීතය said...

@priyantha.ඒබී

තුටිනි ඔබ හැදිනෙමී
මමද නුවරට නුඳුරෙමි
දුටිමි සුරු හුරු හිමි
මුහුණු පොත තව නොමැත මට හිමි

නිරතුරු සිත සදන
මිතුරෝ යෙහෙකි යහගුණ
සපිරේ නම් ලියන
ඊ තැපෑලට පාර කිව මැන

කර දිය වලලු දැක
පෙර දා පැතූ විලසක
දර දිය අදී නෙක
දුර බනුව දෙනු කතා කල හැක

විහඟ ගීතය said...

@.ඉලංදාරිය

හිත ඉලංදාරීය
ගත කල දිවිය රහමය
නොතරම් වුන හරිය
ගෝරි නම් පුත, නොමැත බාරිය

විහඟ ගීතය said...

@Shadow/හේමලයා

බැඳුනු අත බරදී
පුදනු මැන හිත සුවදී
බිදෙනු වස් නොමදී
විඳිනු දෙහදක මිහිර රසදී

විහඟ ගීතය said...

@Muthu Paba

දෙහද බැඳි ඇල්මට
දෙනෙත යාවුන කැල්මට
නොමැති කල බැල්මට
තවත් එක්වී කුමන පලකට

priyantha said...

@විහඟ ගීතය
priyantha.ab@gmail.com