Wednesday, 11 August 2010

විකල් කවි




වයසට නොහොබිනා බහු කෝළම් ‍රැගෙන
කැටිකොට නිවසටම ගොස් ඇඳ දා තිබෙන
නහුතෙට දියුණුවී ඉහමොල කිති කැවෙන
නියරට පිටින් කක්කු‍ටු වලවල් මකන


ප්‍රේමාතුර සොඳුරු ඇස් නොදකින සේම
කාමාතුර රකුසෝ මං වළකති තාම
සීමා වැට කඩොළු දැන ගන්නද කෝම
සාමා අමරටත් මඟ වැරදුනි බෝම


ගමින් ගම තිබුන අම්බලමට නිතින
ගිමන් හරින තානයම් හතු පිපෙන
ගමන් කරන්නේ හොද අතකට නොවන
වරෙන් ගෙදර නොහැරම මඟ තොට ගිමන


ලැඟ මඟ තොට ලාභ තානායම් අතර
ඇඟ මසටම බැඳුන පෙම් වතුනේ නිතර
ඉඟ සුඟ මිසක හුදු සෙනෙහසකට පතර
මඟ පෙන්වන කෙනක් වෙත් දැයි කිව මිතුර


කොල්ලන් උපත් පාලන අඩු වැඩිය ගෙන
කෙල්ලන් ජාමේ බේරාගෙන කඩුලු පැන
සල්ලන් වුවත් කිම දොස්තර අතට ගෙන
පල්ලන් බහින්නේ අද නොව දිනේ එන


කල්පැන ගියපු කව් සිරිමත් බණ දැහැන
ඇල්මෙන් අකුරු ඇයි? සැතපෙන සිරියහන
විල්ලුද මත ‍රැදෙන පින පමණිය නිවන
කල් යල් බලමු එනකොට විදිහට පැමින


නොපනත් නිසා වුන අවැඩට කඳුළු බොන
වියපත් නොවූ මල් හඬනා අයුරු දැන
නැවතත් නොවන්නට ඒ මං අහුරවන
ගුණවත් වටපිටාවක් ගොඩ නගනු මැන!

15 comments:

wath said...

වයසත් සමග එන කනමද කුලප්පුව
අයෙකුට විනෝදයි අයෙකුට කඳුළු දෙන
ඉගෙනීමත් සමග ආලය පටල ගෙන
තේරෙන විටදි අශුවය ගොස් ගොඩක් දුර

wath said...

තේරෙන විටදි අශ්වය ගොස් ගොඩක් දුර

විහඟ ගීතය said...

@වත්

වැඩිහිටියන් මුලින් දැනමුතු වියයුතුය
ඉඩ කඩ අගාදෙට මඟ වැළකිය යුතුය
උඩගෙඩි දෙන එවුන් නම් ගස් බැඳ යුතුය
වැඩකට ඇති හෙටක උරුමය අප සතුය

Shadow/හේමලයා said...

අප්පච්චියේ බරපතල කතාවක්...ඕකට ප්‍රධානම හේතුව අපෙ රටේ කෙරෙන ලිංගිකත්වය හැංගීමේ පුරුද්දයි...ඉතින් අපේ එවුන්ට ලිංගිකත්වය ගැන තියෙන එකම අධ්‍යාපනය තම කාම ච්ත්‍රපටි...වැරැද්ද කාගෙද? කොතැනද?...අපේම් කුහක චින්තනයේ නේද?...අනික කෙල්ලො දාහක් එක්ක බුදියා ගත්තත් නාල ගෙට ආවාම පිරිසිඳුයි පිරිමියා ලෝකෙටම....ඔක්කොමල්ල ඇඟිල්ල දික්කරන්න බලාන ඉන්නෙ ගැහැනියට.....ඒත් අපි කියන්නේ අපේ සමාජය බට හිරට වඩා ඉතාම ඉහලයි කියල...අනේ මන්දා...කවදානම් මිදෙන්නට ද මේ හණ මිටි මනසිකත්ව වලින්.....

priyantha.ඒබී said...

දෙමාපියන් හා දූ දරුවන් හා පෙමිනා
බැඳි සිටිය පෙර කල ගරු බැතිනා
බිඳී ගිහින් ඒ පෙම කිසිවෙකු නොදැනා
කෙසේ හැසිරේද මේ දරුවන් සොඳිනා

දවසින් දවස සිත මුදලට බර වෙනවා
දෙගුරුන් දුවා දරුවන් ගෙන් දුර වෙනවා
දරුවන් අඳුරු මාවත අද තනි වෙනවා
දවසින් දවස මේරට බල්ලට යනවා

විහඟ ගීතය said...

@Shadow/හේමලයා

කැටි කොට කවියකින් කියලා දමනු බැරි
අපිහට උරුම දේ බටහිර දකිනු බැරී
ගුරුකොට ගෙනා හොද යහගුණ කොහොම හරි
මතු පරපුරට සු‍රැකිය යුතු කවද හරී

විහඟ ගීතය said...

@priyantha.ප්‍රියන්ත ඒබී

භෞතික පැති හඹා ඒ මත්තෙම නැහෙන
ලෞකික සබඳ කම් ගැන මායිම් නොවෙන
පව් දැක දැකත් පව් කරනට භය නොවන
සව් සිරි අපායකදෝ අපි දිවිගෙවන

හිත් වල සැබෑ සෙනහස පීඳුනු පසුව
අත් ඇල්ලිය හැකිය තු‍ටුසිත් ලෙන්ගතුව
නැත්නම් මේ ගමන කෙළවරකුත් නැතිව
නැත්තට නැතිවේවී හිස් මිනිසුනන් ඇතිව

Hasitha ජයසූරිය said...

නාඹර වයසෙ ඔය පිස්සුව ඇති වෙනවා
කුඩා කලදි මේව අපිට හන්ගනවා
හැගුමට වහල් වී ගොන් කමෙ රජ වෙනවා
තේරෙන කලදි බොහො දුර ගොස් දුක් වෙනවා

විහඟ ගීතය said...

@ Hasitha ජයසූරිය

යම් යම් වයස් වල ඉගෙනිය යුතු කරුණු
ඉම් බල බලා අත් විඳ ගත යුතු පුතනූ
නිම් තෙර දකින කල සිප් සයුරෙහි පිරුණු
දම්වැල ඉවත දා ඇයි මේ ලෙස ගිලෙනූ

``` Outsider``` said...

නියමයි කවි ටික නියමට ගලපල තියෙනව.
හේමලය කියන කතාවටත් එකඟ වෙමි.

Amiththa's Blog said...

නොපනත් නිසා වුන අවැඩට කඳුළු බොන
වියපත් නොවූ මල් හඬනා අයුරු දැන
නැවතත් නොවන්නට ඒ මං අහුරවන
ගුණවත් වටපිටාවක් ගොඩ නගනු මැන!

විහඟ ගීතය said...

@Outsider

කාටත් තමගේ මත වල සිටි හැකිය
ඊටත් එහා ඒවට ගරු කළයුතුය
මාඅත් දකින්නේ රටකට යන කලය
කීවත් නැතත් නපුරට වැඩ වී හරිය

විහඟ ගීතය said...

@ Amiththa's Blog
ඇවිත් සොයාගෙන දොර හැර ගෙන යතුර
කවිත් අසා රස වින්ඳේ නම් මිතුර
අයෙත් ඇවිත් යන එන විලසට නතර
අමිත්තත් අමුත්තෙක් නොව අප අතර

මැණික්(සුළඟ) said...

වෙනදා වගේම ලස්සනට ලියලා තියනවා. මාතෘකාව නම් අළුතින් සිතිය යුතු දෙයක්. හැම දෙයක්ම තියෙන්නේ ආවරනයකින් වහලා විතරයි.
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

@ මැණික්(සුළඟ)

දකිනා දේ දිහා ඇස් නොහැරා බලන
සිටිනා බොහෝ අය වැද මැදිහත් සිතින
නොමනා බවක් පෙන්වන්නේ නැති බැවින
කියනා කවි, විකල් සිතකට හැර කුමන