Sunday 5 December 2010

මංපෙත් හදාගමු......




සීතළ සඳට මුඳු සේළය පිරුවාය
රෑ තරු දෙනෙත් එය දැක ඉඟිමැරුවාය
ඊතළ දුනු දැරූ මල්සර දුනුවාය
මේ වර නම් ඉතිං වරදක් නොකලාය


පීදුනු පැතුම් බොල් සුළඟට යන්න නොදී
ඈඳුනු හිතට අවුලක් අත්වන්න නොදී
දේදුනු සිහිනයේ ‍රැදිලා නොදී
පෑහුනු නුඹේ, හිත ළඟ උණුසුමේහි ‍රැදී



සාර සියක් මල් සුවදට මුසු වූව
නෑර එමල් සුවඳට ගත සිත පෑව
කාරණාව දැන හැදිනූයෙන් මාව
පූරමින් පෙරුම් සෙනෙහසකට යාව


තල් පත් පුරාවට පෙම් ගී නොලියාම
කල්ගත් නමුත් සෙනෙහස තරුණයි තාම
බැල්මෙත් සිනාවෙත් අඩුවක් නොතියාම
මංපෙත් හදාගමු සතුටින් හැමදාම....

4 comments:

ගල්මල්-Coral said...

"කල්ගත් නමුත් සෙනෙහස තරුණයි තාම"

සෙනෙහස තරුණයි හැමදාම. සැම සිත් සෙනෙහසින් බැබලේවා හැමදාම.

Ravi said...

රෑ තරු හිමිදිරියෙ මැකිලා ගිය සේම,
පෑ සෙනෙහසත් හිත ඇතුලෙම ගුලි වේද,
නූ පුර රාව නොදැනුණි සවනට තාම,
මාවත සදනුවස් දිරිගමු අද සිටම,

විහඟ ගීතය said...

@ගල්මල්-Coral

හිරුත් ගෙවී කල් ගත වූවා සේම
තරුත් දනී සෙනෙහස් ගඟ පිබිදීම
කලුත් ගෙවී ඒ සිත ලඟ තනිවීම
සිතත් තනි රකී පෙරමෙන් හැමදාම

විහඟ ගීතය said...

@ Ravi
රෑ තරු මැකෙන මුත් නොමැකෙන සෙනෙහසක
ඈඳුන අපේ සිත් වල අරුමය කිමෙක
කාලය ගෙවෙන මුත් ලෙස නිති දිය දමෙක
පේවෙන පෙමක මම බඹරයි,නුඹ මලෙක