Friday 31 December 2010

අළුත් අවුරුදු කවිය



සියල් සිරින් පිරි සුභ අවුරුදු හීන
කැළැල් සිත් සැදී මිතු දම් ගොඩ දාන
සියල්ලන්ට සිතු පැතු සම්පත් ගේන
මඟුල් ලකුණ කිය, කවි සිතිවිළි පාන

කඩින් කඩ එකතුවී මහ ගඟක් වෙලා
බලන් සිටිද්දිම මහ පෙළහරක් කලා
නෙතින් නොදු‍ටු බ්ලොග් සඟයිනි මෙතෙක් වෙලා
හිතින් බැඳුන යුරු අරුමය පසක් කලා

කියන්නට තිබූ බොහෝ දේවල්  නොකිපි
ලියන්නට ලැබුන ඉඩකඩ ගැන වැලපී
නො එන්නට ගමන් යන තුරු  වැද සැතපී
පිපෙන්නට හරිමු මල්,  මල් ලොව නොපිපී

හි‍ටු කියා නවත්තාගනු බැරි බැවිනී
ඉ‍ටු වුනා නොවුනා, දින ගෙවිලා ගොසිනී
පි‍ටු පපා ගියත්, නව වසරට ලොබිනී
ත‍ටු  විදා පියාඹන්නට පින ලැබුනී......


8 comments:

Anonymous said...

තටු සලා ඉගිලෙන සිතු ලෙසට
ඉටු වෙලා ඇතිද නුඹ මා පැතු ලෙසට
හිටු කියා ලියූවද කවි පෙර ලෙසට
නැති වෙලා දෙයක් මා ලඟ පෙර සිටම

නුඹ නමින් සියක් මල් දස අත පිපෙන්නයි
නුඹ නමින් දියණිවරු ලොව දිලෙන්නයි
නුඹ වගේ පුතුන් මේ ලොව සදන්නයි
නුඹ නමින් නව වසර වෙන් කෙරෙන්නයි

෴ ජයෙන් ජය ෴

සංකල්ප said...

ඔබටත් ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි එක සිතින් පතන්නෙමි.

Unknown said...

ඔබටත් සුභම සුභ නව වසරක් වේවා...!!

Abeetha Edirisinghe said...

ජීවන මගේ ඇති තව සැතපුමක දුර.....
ගෙවලා නිමා විය දැන් එයි අනිත් එක....
හමුවන තුරුම එකසිය විස්සේ කණුව....
නුඹ පියඹපන් අපි එමු කවි විඳින්නට......

ෆැන්ටසි said...

ලෝකෙ කැරකෙනවා
අපට නවත්තන්න බැහැ
කාලය ගෙවී යනවා
කාටත් හොරෙන්...
හෙටත් තව දවසක් විතරයි
අලුත් අවුරුද්දක් කිව්වට...
හෙට හැඩට අදීවී
කිරිබත් එහෙම කාල
හොද කෙනෙක් මුලිච්චි වේවි
අවුරුද්දම සුභ වෙන්න....
නමුත් එහෙම වේවිද කාටත් ??

හොද හිතයි වටින්නේ ...
සුභ වෙන්න අවුරුද්ද පුරාවටම,
මේක හොද වෙලාවක්
ආපු ගමන් මග හැරී බලන්න

එහෙනම් ඔන්න,
කාටත් සුභ අලුත් අවුරුද්දක් !!

Unknown said...

සිඩ්නි,

ඔයා ප්‍රාර්ථනා කරන සෙනෙහස ලබන්නට ,විදින්නට හැකි වසරක් වේවායි පතමි.
ලැබුවාවූ නව වසර සිතේ පැතුම් ඉ‍ටු වෙන සුභ වසරක් වේවා.........!

ප්‍රියංගි

Randika Sedara said...

කවි සිතුවිලි ගග මෙන් ඇදිලා ඒවා
සිත තුලඇති හැම දේ සිතු සේ වේවා
ඔබ නිරොගිව හැමදා මෙහි වැජබේවා
නව වසරෙදි ඔබ හැම හට ජයවේවා

සොදුරු සිතෙන් කලකට පෙර ගතිමි සොයා
කවි ඔබ ලියූ මගෙ සිත තුල රැදුනි මයා
කියන ලියන හැම දේ කවි වෙන්න කියා
අපෙ ආයුෂත් ලැබ මෙහි සැනසෙන්න ඔයා

෴ හසියා ෴ said...

සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!