Sunday 18 April 2010

හීනෙන් ඇවිත්.............



හීනෙන් ඇවිත්...........                                                 


පිපුනත්  නුඹේ  ගේ  දොරකඩ අතගාව
දිලුනත් සුවඳ  දී නුඹටම ; අතපෑව
කවදත් නුඹෙයි මට ; අද වෙනතක ආව
තවමත් නුඹේ සුවඳයි  මගේ හිත ගාව


දුර නොපෙනුන නිසා මෑතම බලාගෙන
කරදර ඉවර විනියැයි හිත හදාගෙන
බර හිසමතට ගෙන වීරිය ලබාගෙන
වැරදෙන තුරුම යමි දෙනුවන් පියාගෙන


බෝසත්  ගුන සපිරි යහගුණ සමුදාය
මා සිත්  ළතැවුලෙන් දවසක මුදවාය
නෑවිත් ගියත් රුව සිත බැදි ; පෙරසේය
මා නෙත් අඳ වුනේ නුඹ ළග නැතිදාය


පිපි කුසුමක් ලෙසින් නුඹ ලග මිලිනවුන
හැපි හැපි ; බොහෝ දේ ජය ගෙන එතෙරවුන
නොපිරුන නිසා පිං නුඹෙළග නතරවන
වැගිරෙන කදුළු මිස මොන සැනසුමද     වෙන


රෑ  බෝ වෙලත් මඟ බලමින් සිටිනවද ?
කෑවත් නැතත් එක පතටම බෙදනවද ?
මා මෙන් ඔබත් එක හීනෙම දකිනවද ?
හීනෙන් ඇවිත් රන්කඳ තනි රකිනවද ?


සි එස් බණ්ඩාරනායක

6 comments:

Anonymous said...

හරිම අගෙයි.....
රෑ බෝ වෙලත් මඟ බලමින් සිටින්නෙමි
කෑවත් නැතත් එක පතටම බෙදන්නෙමි
ඔබ මෙන් මමත් එක හීනෙම දකින්නෙම්
හීනෙන් ඇවිත් රන්කඳ තනි රකින්නෙම්

කියල බිරිඳ කියාවි ....

විහඟ ගීතය said...

බෝසත් ගුන සපිරි යහගුණ සමුදාය
මා සිත් ළතැවුලෙන් දවසක මුදවාය
නා"වත්" ළබැඳි සිත තාමත් පෙරසේය
මා නෙත් අඳ වුනේ නුඹ ළග නැතිදාය

කියල සැමියා කියාවි
සි.එස් බණ්ඩාරනායක

Anonymous said...

බෝසත්තුමන් ඔබගෙන් මම දකින්නෙමි
සෝදුක් ඔබේ නිති දුරුකර දමන්නෙම්
ඈතින් ඉඳන් මා නුබ දෙස බලන්නෙමි
​ඔය නෙත් දෙකින් ලෝකය මම දකින්නෙමි

කියල බිරිඳ කියාවි....

විහඟ ගීතය said...

මාවත් මට හිතාගන්නට නොහැකි දින
ඈ වත් දුර හිදී... මා දෙස බලාගෙන
නාවත් නුඹෙ සුවඳ හද තුල දරාගෙන
හාවත්, සඳත්, ලෙස ඉමු මඟ බලාගෙන

කියලා සැමියා කියාවී

Anonymous said...

සඳේ අරුම මිහිපිට සිට විදින්නෙමි
හදේ සුවඳ ගීයක් කර එවන්නෙමි
මගේ ළඟින් නැතිවත් නුබ දකින්නෙමි
බඳේ නෙරිය නුබ නමටම තියන්නෙමි

කියල බිරිඳ කියාවි .......

(ළගකදි මකුත් ලීවෙ නැත්තෙ... කාර්ය බහුලද?)

විහඟ ගීතය said...

පෙරුවත් පෙරුම් දු‍ටු සිහිනය එළිනොවුනු
සුනරුත් පැතුම් බොල් සුළගට එකතුවුනු
නුඹවත් දුර ඉදන් මේ ලෙස තනි රකිනු
නෙරියත් ඔය අතත් මගෙ නොවෙදැයි කියනු

කියල සැමියා කියාවි