කටුනායකදී.........
"නිල් ...කට් රොල් මලෙක ඇවුනු
වැට් කොල් මල් සෙයි"
සැන්ඳැඟ සිහිවෙන වැනුමක්
හිතට නොම දැනෙයි
හීන් ඇඳිරියට පිටුපා
විසිර යන ළමයි
පහන් මසිත කවි සිතුවිලි
හකුලුවා දමයි.
හීන් සීරුවෙනි මග මරු වැල්ය
සිනාසෙන්නේ
එයින් මිදෙන මග දැන ගනු
මං මුලා නොවන්නේ
රෑන්පිටින් යන ගමනේ
අසිරි නොව බලන්නේ
"ෂයිලොක්ලා" ලේ මස් මයි
හිලව්වට පතන්නේ
ගිනි කාස්ක බැහැ ඉවසනු
සිහිල් සුළං කෝ
මනුරාස්ස නෙත් මානන
සලෙළ විලංගූ
අම්මාවරු ගම් දොරකඬ
පුදන දෙවින්දු
පිං ඇරගෙන රැක දෙනු මැන
මෙපුර එ ළන්දූ.
.
6 comments:
හරිම ලස්සනයි.........
නන්නාඳුනන ඔබ ඇවිදින් මේදෙසට
ඉන්නා බව දැනීමත් සතුටකි හිතට
පෙන්නා සබැඳි ලෙන්ගතු කම් මේ ලෙසට
සන්නාලියන් ගැන මෙත් වඩවමු නිතර
ලස්සනයි . . ඒ වගේම කාලෝචිතයි . . .
@දුකා
අප හා අප අවට
සිදුවන දෑ අතර
සමහරක් බොහෝ දෑ
දුකකි...
සංවේදී හිත් වලට,
සිරුවෙන් මරුවට
නුලෙන් ගෙත්තම් කරනා
දහදුක් විදි හිත
ඇතුලෙන් ගිනිගන්නා
දාඩිය කදුලුවල වටිනකමදන්නා
මිනිසත් කමේ යුතුකම පෙන්නා
පිං ඇති හිතක ආවැඩුමක්
කවියක් වෙලා එලියට පැන්නා
@ඉලංදාරියා
බොහෝ දුක් විදිනා
අපේ වුන්ගේ නමිනා
එවන් දුක් හැඳිනා
නෙතඟ කඳුලක් මෙසේ හැලුනා
Post a Comment