Wednesday 5 October 2011

ස්තූතියි

ස්තූතියි ඔබ සැමට





       වසර ගනනාවක ලද අත්දැකීම් කැටිකොට බොලොග්  වියමනෙහි විහග ගීතයෙන් ඔබ සැම සමගින් ලෙන්ගතුව එක්වු සිඩ්නි බණ්ඩාරනායක වන මා සැමියාගේ හදිසි වියෝව දැන ඔහුගේ දේහය ලංකාවට ගෙන ඒමටත් ඒ හා සම්බන්දව නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනට හා අප සමග දුක බෙදා ගනිමින් සෝව පල කල සැම දෙනට මාගේත් දරුවන්ගේත්  ස්තූතිය පිරිනමමු.
                                                                                                                
ස්තූතියි!

පවුලේ සැම දෙන


           
                                                                                                                    

24 comments:

jhothishalanka said...

මේ බ්ලොග් එකට වැඩිය කමෙන්ට් නොදැම්මත් හරි ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. සිඩ්නි බණ්ඩාරණායක මහතාගේ අභාවය වෙනුවෙන් මමත් ශෝකය ප්‍රකාශ කරමි.එතුමාට නිවන් සුව අත්වේවා.

හරී - පිණිපළස said...

හිතා ගන්නවත් බැහැ.
ඔහුට නිවන් සුව ලැබේවා !!!!

ගල්මල්-Coral said...

අපේ සාතිෂ්‍ය සංවේගය.

මිතුරේ අනිති ලොව නිති ගමන ඉක්මනින් නික්ම ගිය ඔබට නිවන් සුව!

නදී said...

ඔහුට නිවන් සුව ලැබේවා !!!!

priyantha said...

කියන්න වචන නෑ සිතම ගොලු වෙලා..
මිතුර ඔබට නිවන් සුව ලැබේවා...

තිස්ස දොඩන්ගොඩ said...

කරුණාකර අපගේ සාතිශය සංවේගය පිළිගන්න...
සිඩ්නි මහත්තයා ලස්සන හදවතක්, හැකියාවක් තිබූ ඇත්තෙක්...
ඔහු වෙනුවෙන් යමක් කිරීමට ඇත්නම් අපට දන්වන්න...

ඔහුගේ හැකියාව අංශු මාත්‍රයකින් හෝ ඔහුගේ දියණි වරුන්ට ලැබී ඇතැයි සිතමි...
ඔවුන්ගේ අනාගතයට සුභ පතමි...

Randika Sedara said...

ඔහු දක්ශයෙක්.. හිත හොද මිනිහෙක්
ඔබට නිවන් සුව ලැබේවා ..!

Dinesh said...

ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...

Anonymous said...

බොහොම කණගාටුයි. එතුමන්ට නිවන් සුව පතනවා.
එතුමන්ගෙ ආදරණීය දියනියන්ගේ දෙදෙනාගේ අනාගතයට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.
---------------
ලකී

මැණික් said...

අදහගන්නත් බැරි තරම්. ඔහුට නිවන් සුව පතමි.
මැණික්

ජීවිතේ මල් said...

නිවන් සුව පතමි !

දුකා said...

සිඩ්නි මහතාට නිවන් සුව අත්වේවා . . .

Eranga Perera (Muthu Paba) said...

දෙයියනේ මේක හිතා ගන්නවත් බැහැ! කරුණාකර මගේ කණගාටුවත් පිළිගන්න :(.. ඔහුට නිවන් සුව පතන ගමන්ම, ඒ අහිමි වීම දරාගන්නට පවුලේ සියලුම දෙනාට දිරිය ශක්තිය නොඅඩුව ලැබෙන්න කියා ප‍්‍රාර්ථනා කරමි..!

``` Outsider``` said...

කාගෙත් ජීවිත තුළ සිදුවෙතැයි නිශ්චිත එකම දේ මරණයනෙ.
සිඩ්නි මහතාණෙනි ඔබට නිවන් සුව!

Rasika Kariyawasam said...

සිඩ්නි මහතාට නිවන් සුව පතමි !!

Ravi said...

සිඩ්නි ඔබට නිවන් සුව!!!!!!

ඉන් පෙර අනේක ජාති මේ සසරේ අප අතර ඉපිද ඔබේ අනුපමේය කාව්‍යකරණ හැකියාවෙන් අප සිත් පහන් කිරීමට ඔබටද......එසේ සිත් පහන් කර ගැනීමට අපටද හේතු වාසනා වේවා!!!!

විහඟ ගීතය said...

ස්තූතියි ඔබ සියලු දෙනාට

ප්‍රියංගී

Chandi said...

සොයුරිය මෙය අදහාගන්නටත් බැහැ. මගෙ පළමු මුණුබුරා ඉපදී අදට දින නවයයි. ඔහු අසනීපයෙන් පසුවූ නිසා මට නිතර බ්ලොග් එකට එන්න බැරි උනා. අදයි මම මේ සටහන දැක්කේ. හොද හදවතක් සංවෙදී හිතක් ඇති අයෙක් ලෙසයි අපි ඔබේ සැමියාව දැක්කේ. ඔබට හා දියනියන්ට ඇති සෙනෙහස ඔහුගේ කවිපදවලින් නිරන්තරව අපි දැක්කා. අපේ සාතිශය සංවේගය පිලිගන්න. ඔබටත් දියණියන්ටත් ඉදිරි ජීවිතය කරදරයකින් තොරව ගෙනියන්නට වාසනාව දිරිය ශක්තිය තෙරුවන් සරණින් ලැබේවා කියා සෙනෙහසින් පතනවා. සිඩ්නි මහතාට නිවන් සුව පතනවා.

Srimanjula said...

ඇයි මේ සියළු විහඟුන් නිහඬව ඉන්නේ??
කරුමෙට අදයි හේතුව මා දැන ගන්නේ
මා හිතවතා නිවනේ සැනහී උන්නේ
කඳුලකි නෙතග දිලිහී පහලට පැන්නේ

විහසිත වෙත පැමිණ ගෙතු කව් රස ජාලා
වින්දෙමි විහඟ ගී රසයෙන් සැනහීලා
ඉවසනු නොහැකි සෝ සුසුමට පණ දීල
නොකියම ඔබ ගිහින්!! අපි සේරම දාලා!!!

දයාබර මිතුර ! ඔබට නිවන් සුව

---විහසිත----

විහඟ ගීතය said...

@ chandi

ස්තූතියි සොයුරිය,දියනියන්ට පමණක් නොවෙයි පුතුන් දෙදෙනාටත් එකසේ සෙනෙහස දැක්වූවා. ඔබේ මුනුබුරාට මගේ උනුසුම් සුභ පැතුම් .බොලොග් එකට එන අනිකුත් මිතුරු මිතුරියන්ගේ අදහස් ඔහු සැමදා අගය කලා .

විහඟ ගීතය said...

@ SRI MANJULA

ස්තූතියි සොයුර

කතන්දර Kathandara said...

මා දුටු බ්ලොග් අවකාශයේ සිටි හොඳම සඳැස් කවියා ඔහුයි!

විහඟ ගීතය ට නිවන් සුව පතමි.

විහඟ ගීතය said...

@ kathandara

ස්තූතියි කතන්දර

චතුර විජේකෝන් said...

අදයි මුලින්ම මෙතනට ආවේ.. ඔබතුමා බොහොම වටිනා කෙනෙක් බව පෙනෙනවා.. ඇසුරු කරන්නට ඉඩහසරක් නොලැබීම ගැන හරිම දුකයි.. හැකි ඉක්මණින් නිර්වාණාවබෝධය ලැබේවායි පතමි..

කවියෙන් සරසවා ඇති ජීවන උයන
රසයෙන් ඔපදමා දූ දරුවන් විසින
සුවයෙන් මරණයේ වෙන් වූවත් ලොවෙන
සැනසෙන් ම්තු භවේ ලැබ අමයුරු නිවන